බ
දුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගණ (අළුත් නුවර) ආදායම් පාලක නිළධාරී කොට්ටාෂයේ වැව්ගම්පහ ආරච්චි වසමේ ඔරුබැදිවැව ග්‍රාමයේ පාසල පිහිටා තිබුණි. ඔරුබැදිවැව පදිංචිව සිටි ජේමිස් අප්පුහාමි මහතාගේ ධන පරිත්‍යාගයෙන් සහ ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් කටුමැටි ගසා ඉලුක් සෙවිලි කරන ලද අඩි 52 x 16 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක ආරම්භ විය. 1948 මැයි 5 දින ආරම්භ කළ අප පාසලේ ප්‍රථම විදුහල්පති වූයේ විජයබණ්ඩා මහතාය. 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා පැවති අප පාසලේ ප්‍රථම ශිෂ්‍යා වූයේ ඒ.පී. සුදුබණ්ඩාය.
1991 මැයි 20 වන දිනයේදී පාසල වර්තමාන ස්ථානයට රැගෙන ඒමා සිදු විය. මේ අවස්ථාවේදී එම්.සමරසේකර මහතා විදුහල්පති වූ අතර අඩි 90 x 20 ගොඩනැගිල්ලෙහි වැඩ කටයුතු ආරම්භ විය. 1982 වර්ෂයේ ආර්.එම්. ජයසේකර මහතා විදුහල්පතිවශයෙන් සිටින කාලයේදී මහා විද්‍යාලයක් බවට පත් විය. මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වීම 1995 පෙබරවාරී 10 වන දිනදීත්, නවෝද්‍යා පාසලක් බවට පත් වීම 1998 වසරේදිත් සිදු විය. මේ කාලයේදී පාසල් විදුහල්පතිනිය ලෙස එල්.එම්. විමලාවතී කුමාරිහාමි මහත්මිය කටයුතු කළේය. 2012 වසරේ ගාමිණී අමරසිංහ මහතා අප පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරනකාලයේදී අප පාසල ද්විතීක පාසලක් බවට පත් විය.
|
ආරම්භ කළ වර්ෂය |
1948 මැයි 05 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
24 |
|
පාසලේ ආදි කතෘගේ නම |
ජේමිස් මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ඔරුබැදිවැව ද්විතීක පාසල |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ඔරුබැදිවැව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඒ.පී. සුදුබණ්ඩා |